මේක ඇත්තම දෙයක් (සත්‍ය අභිරහස් සිදුවීම් 04)

Horror
සුදු ආච්චිගේ අන්තිම රහස

මට දැන් වයස 27යි. මේ දේ වෙද්දී මට අවුරුදු 12යි. මම ලොකු ළමයෙක් වුනේ අවුරුදු 12දි.මගේ තාත්තගේ අම්මා නැතිවෙලා මාස දෙක හමාරකින් වගේ තමයි මම ලොකු ළමයෙක් වුනේ. ඒ නිසා ගෙදර බණ කියන්න එපා හොද නෑ අනම් මනන් කිව්වා ගොඩක් අය. පන්සලේ හාමුදුරුවෝත් කියලා තිබුනා පන්සලේ බණ කියලා දානෙ දෙන්න කියලා. බණ දවසේ රෑ ගෙදර හිටියෙ මමයි මල්ලියි තව නංගි කෙනෙකුයි ආච්චිලා දෙන්නෙකුයි. අම්මයි තාත්තයි තව අයයි පන්සලේ හිටියේ ඒ වෙලාවෙ. මල්ලිටත් එදා උණ හැදිලා නිදාගෙන හිටියේ. එයාට අවුරුදු 7යි එතකොට. මල්ලි නිදාගෙන හිටිය කාමරේ තමයි මම හිටියේ. හෝදලා තිබුන ඇදුම් වගයක් නව නවා හිටියෙ මම. රෑ 7.30ට වගේ ඇති එතකොට. මට නිකමට වගේ දැනුනා කවුරු හරි බලන් ඉන්නවා වගේ. කාමරේ බිත්තියයි වහලෙට දාලා තිබුන ශීට් අතරයි තියන හිඩසෙන් බලන් ඉන්නවා වගේ දැනුනේ. හිතට බයක් ආව නිසා මල්ලිත් නිදි නිසා අර නංගිවත් මම කාමරේට එකතු කරගත්තා.

ඊට පොඩි වෙලාවකට පස්සේ මල්ලි නින්දෙන් නැගිටලා යන්න හැදුවා. දොර ළගටම ගියා. බොහොම අමාරුවෙන් එයාව නවත්තගත්තේ. අපි හැමෝම එයාව අල්ලගන්න හැදුවත් ඒ වෙලාවෙ වැඩි ශක්තියක් තිබුනා එයාට. උණ හැදිලා නිසා ඇගට වැඩි‍ය පණක් තිබුනෙත් නෑ. අපිටත් හිතාගන්න බැරිව හිටියේ. පස්සේ දවසේ හෙමින් සැරේ අහද්දි කිව්වා අර මැරුන ආච්චි එයාව පුච්චනවා දැක්කා කියලා. එයා එතකොට පොඩි නිසා හරියටම ඉතිං මොන දෙයක් දැක්කද කොහොමද කියන්න දන්නේ නෑ. හොල්මන් කියන දේවල් මම කවදාවත් දැකලා නෑ. ඒත් ඒව බොරු කියලා හිතන්නෙත් නෑ. එදා ඇත්තටම මොකද්ද වෙන්න ඇත්තෙ. මැරුණ කෙනා බලන් ඉන්න ඇතිද. මට තාමත් හිතාගන්න බෑ මොකද්ද වුනේ කියලා. කවුරු හරි කෙනෙක් බලන් ඉන්නවා කියලා හොදටම දැනුනා මට.

සම්පූර්ණ අයිතිය මුල් හිමිකරු සතුයි

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.
Slmoviecap Digital Welcome to WhatsApp channel
වට්සැප් එකෙන් Drama,Movie,Cartoon බලන්න එන්න😁🇱🇰
Type here...