යාලුවෙකුගෙ මාමා කෙනෙක්ට සිද්ද වෙච්ච සිද්දියක් ඒ කතාව ඔයාලටත් කියන්න හිතුනා ගම්බද පලාත්වල ගොඩක් ඇහෙන කතාවක් තමයි "කලුපාට ගුලියක් වගේ එකක් දැක්කා" කියල කියන්නෙ.ඒක මන් හුඟ දෙනෙක්ගෙන් අහල තියනව. ගම්බද පැති වල විතරක් නෙවෙයි නාගරික පැති වල මිනිස්සුන්ටත් මේ අත්දැකීමට මූණ දෙන්න වෙලා තියනවා. ඇත්තටම මේක මොකක් උනත් ඒ මිනිස්සුන්ව පුදුම විදියට බය කරන්න සමත් වෙලා තිබුනා. මේකත් ඒ වගේ කතාවක්.හැබැයි ඊට වඩා ටිකක් වෙනස්.
අර යාලුවගෙ මාමා කරන්නෙ රබර් කපන එක.දවසක් ඒ මාමට ගෙදර යන්න වෙලා තියෙන්නෙ හුඟක් රෑ වෙලා.රබර් වතු මැදින් තියන පාරවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.වැඩේ කියන්නෙ එදාම අර මාමාගෙ දුව වැඩිවියට පත් වෙලා තියනවා.ඒක මාමා දන්නෙ නෑ.පුරුදු විදියට ගෙදර එන ගමන් ඉඳල තියෙන්නෙ. ඒක කඳු තියන පැත්තක්.මාමා යන්නෙ කන්ද බෑවුමට වෙන්න කපපු පාරක.ටික දුරක් යද්දි පාරට උඩින් කන්දෙ කොල හෙල්ලෙන අතු පෑගෙන සද්දයක් ඇහිල තියනව ලාවට වගේ.ඒක ටිකකින් නැති වෙලා ගිහිල්ලා.ආයෙ ටික දුරක් යද්දි ඊටත් වඩා සෑහෙන්න ලඟින් ආයෙමත් ඒ සද්දෙ ඇහෙන්න අරගෙන.මාමා ඒක ගනන් ගෙන නැහැ මොකද ඒ හරියෙ ඉත්තෑවො එහෙම ගැවසෙනවා හුඟක්.
ඒ දෙවෙනි පාර ආපු සද්දෙ නතර වෙනවත් එක්කම කන්ද පැත්තෙන් මීටරයක් විතර උස කලුපාට බල්ලෙක් වගේ චායාවක් පාරට පැනලා එහෙම්ම ම ප්රපාතය පැත්තට පැනලා පේන්නැතිව ගියාලු.මාමා ඒ වෙලාවෙ හිතල තියෙන්නෙ බල්ලෙක් වෙන්න ඇති කියලා.එතන ඉඳන් මීටර් සීයක් විතර ඇවිඳන් ගියාමයි මාමට මීටර් උනේ ඌ නම් කීයටවත් බල්ලෙක් වෙන්න බෑ කියලා.හිතේ සැකේට ආයෙමත් හැරිලා බලලා තියනවා.ඒ බලද්දි මාමා දැක්කලු අර බල්ලෙක් වගේ චායාව අර පැනපු තැන පාර මැදට වෙලා හෙල්ලෙන්නෙ වත් නැතිව මාමා දිහා බලාගෙන ඉන්නවා.මාමා එතනම සෙම පෙරාගෙන වැටුනලු. මට හිතෙන්නෙම දුව වැඩිවියට පත් වීමත් එක්ක මේ සිදුවීමෙ මොකක්ම හරි සම්බන්ධයක් තියනව කියලා.
ඔයාලගෙ අදහසුත් පහලින් Comment කරන්න. තවත් භයානක කතා බලන්න Follow කරන්න 👻
ඔබ නොදන්න දැනුම් සයුර ඇවිත් බලන්න WhatsApp Channel 👻 ඔයාලගෙ සිදුවීමුත් අපිට එවන්න