අපේ සුදු ආච්චි ( ආච්චිගෙ නංගි) අප්‍රේල් 25 අපි එක්කම කිසිම අමාරුවක් නැතුව අපිට වඩා හොදට සිරීපාදේ නැගලා බැස්සා (අවු 75 එයාට) පස්සෙ එදා වැස්සට තෙමිලා සෙම හැදුනා එයා සිරිපාදේ ගිහිං තියෙන්නෙ ඔය පලවෙනි වතාවට. යනකන් කිව්වෙ ගිහි ඇවිත් මැරුණත් කමක් නෑ කියලා මළුව දැකපු ගමන් කිව්නෙ දැන් මං මැරුනත් කමක් නෑ කියලා සිරිපාදේ නැගලා බැහැලා මකර තොරණ ලගදි දෝත් මුදුන් තියලා වැදලා කිව්වෙත් දැන් මැරුනත් කමක් නෑ කියලා කොහොමහරි අර තෙමිලා හැදුන සෙම මාසයක් විතර ටික ටික අඩු වෙවි තිබිලා පස්සෙ හොදටම අමාරුවෙලා hospital admit කරලා එයා හරි බයයි මැරෙන්න. අපි කතා කරන හැමවෙලාවෙම කිව්වෙ මැරෙයිද මැරෙයිද කියලා...
එතකොට එයා කිව්වා එයාට රෑට රතුපාටින් ඇද ගත්තු උස මනුස්සයෙක් ඇවිත් එන්න කියනවලු තව කළු පාට මිනිස්සු වගයක් ඇද වටේට ඇවිත් කතා කරනවලු අපි හිතුවෙ ලෙඩ වෙලා මානසිකව දුර්වල වෙලා නිසා කියලා... පස්සෙ අම්මා කතා කරලා කිව්වා ඕවා හිතේ මැවුන දේවල් ඒවා වැඩි හිතන්න එපා බුදු හාමුදුරුවෝන්ට වැදලා නිදාගන්න කියලා... ඊට කලින් දවසෙ එයාගෙ රත්තරං බඩු පවා බෙදලා දෙන බව නංගිට කියලා එදා හවස ලේ වමනෙ දාලා ලේ කැටියක් දාලා බිම වැටිලා නංගිගෙ අතේ මැරිලා
එයා සිරිපාදේ යන්න අපේ ගෙදර ඇවිත් යන දවසෙ මට සල්ලි වගයක් දීලා මේකට ගවුම් රෙදි අරං මහගන්න කිව්වා... මං ඉතිං කිව්වා හරි මේ ටිකේ සුදු ආච්චිටත් වියදම් වැඩිනෙ ලබන පාර ආවම දෙන්නකො කියලා එතකොට කිව්වා මං ආයෙ එයිද දන්නෑනෙ මේ අවසාන පාරද දන්නෑනෙ කියලා මගෙ මූණත් ඉඹලා මාව බදාගෙන ඇඩුවා... එයා හරි ආසයි මං හදන සුප් බොන්න... හොදම දේ තමා අපේ බල්ලට ගෙදර මිනිස්සු ඇර වෙන කාවවත් පේන්න බෑ සුදු ආච්චි එද්දිත් ඇගට පනිනවා හැබැයි අවසාන පාරට ආවාට පස්සෙ ඌත් ආච්චි ලගටම වෙලා හිටියා මිසක් බිරුවෙවත් නෑ ඊට පස්සෙ සුදු ආච්චි නැති වෙලා මාස දෙකෙන් එයාගෙ මල්ලිගෙ පුතා හාට් එකේ නහරක් පුපුරලා මියගියා... ඒ ගෙදරටම මරණාධාර සමිතියෙ ලොකු හඩ එක ගෙනත් තිබුණා දවස් දෙකකට කලින්
ඔයාලගෙ අදහසුත් පහලින් Comment කරන්න. තවත් භයානක කතා බලන්න Follow කරන්න 👻
ඔබ නොදන්න දැනුම් සයුර ඇවිත් බලන්න WhatsApp Channel 👻 ඔයාලගෙ සිදුවීමුත් අපිට එවන්න